tag:blogger.com,1999:blog-15245355887121156542024-03-12T17:01:30.034-07:00සිතුවිලි සිත්තම්අහස් කැන්වසය මත තැවරූ සිතුවිලි වර්ණ....Anonymoushttp://www.blogger.com/profile/14487897123780678985noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-1524535588712115654.post-13553043400602967172017-03-26T05:05:00.002-07:002017-03-26T05:05:53.988-07:00කිවිඳ රත්න ශ්‍රී....සුනිසි තැන හර සුබස අසුරා

අවැසි තැන උවමන් උපද්දා

සුමට රස කව් ගී පබන්දා

රත්න දීපය එකලු කල කව් සිළුමිණයි

කිවිඳ රත්න ශ්‍රී....

කදුල විනිවිද දකින්නට හැකි

දනන් හැඟුමන් වදන් කළ හැකි

කිවිඳ රත්න ශ්‍රී...

සුභාවිත ගී කුසුම් පොකුරක්

දැයට දුන් මහ වෘක්ෂයයි...

කිවිඳ රත්න ශ්‍රී...

උපන් බිම මත පය ගසා සිට

දහදියට ගුණ සුවඳ මුසු කළ

කිවිඳ රත්න ශ්‍රී..

සිත් නිවාලන ගී රශෝඝය

හෙළ බිමට දුන් උල්පතයි...

කිවිඳ රත්න ශ්‍රී..

ත්‍රිවිද රත්නයෙ බෙලෙන් දින දින දිනේවා

කිවිඳ රත්න ශ්‍රී...

Anonymoushttp://www.blogger.com/profile/14487897123780678985noreply@blogger.com0tag:blogger.com,1999:blog-1524535588712115654.post-46315936170401432872015-10-01T08:09:00.003-07:002015-10-01T08:09:28.693-07:00අමතක වීමමුදුන් මුල ගස යටින් හිඳ සරු පසින් ජීවය ගෙනදෙනා

එයින් දලු ලියලමින් දින දින සෙමෙන් ගස හිස ඔසවනා

උඩින් ඇති අතු අගින් වට කොළ මලින් යට මුල යට වෙනා

කෙමෙන් මුල මතකයෙන් ගිලිහී මුලින් ආ මුල සැගවෙනාAnonymoushttp://www.blogger.com/profile/14487897123780678985noreply@blogger.com2tag:blogger.com,1999:blog-1524535588712115654.post-10105579343307247712015-10-01T07:55:00.001-07:002015-10-01T07:55:39.823-07:00ධීවර ගීතයකරදියට දිය වෙලා මළ බැඳුණ ජීවිතය

දිරා යන්නට ළගයි සිදී ගත සවි බලය

රැය පුරා නිදි වරා නෙළා ගත් අස්වැන්න

අපට හිමි නැති වුණත් පියවතියෙ හිනැහෙන්න

දහදියට උරුම නැති හසරැල්ල උන් රැගෙන

සුසුම පමණක් ලැබුණි ගෙදර අරගෙන එන්න

රසට මසවුලු නැතත් හෙටත් ජීවත් වෙන්න

බත් ටිකක් උයාපන් හුරු පුරුදු ලුණු රහටAnonymoushttp://www.blogger.com/profile/14487897123780678985noreply@blogger.com0tag:blogger.com,1999:blog-1524535588712115654.post-39634576561050732662015-10-01T07:47:00.002-07:002015-10-01T07:47:18.218-07:00සැබෑ සෙනෙහසමා හද සෙනෙහස මහ සමුදුර මැද

ඔබෙ පෙම දිය බිඳුවක් වූවා

ඒ දිය බිඳුවට සෙනෙහෙ පුදන්නට

මා හද වැලි කතරක් වේවා....!Anonymoushttp://www.blogger.com/profile/14487897123780678985noreply@blogger.com0tag:blogger.com,1999:blog-1524535588712115654.post-54325956604733320842015-10-01T07:25:00.003-07:002015-10-01T07:38:40.855-07:00වසන්තයමලක සුවඳ විල නොදනී නම් කිසිදා

නුඹ පිළිගන්නම් බඹරුනි පෙති විහිදා

මා සනසාපන් රිසිසේ සිත පහදා

සිනා නගන්නට දෙනු මැන දුක පිසදා

කටු තුඩු වැද මල් පෙති සීරුණා මිස

නටුවට මොටද ඒ පෙතිවල මුදු පහස

වියලුනු දෙතොල් පොගවා නිවනා පවස

නුඹටයි මාගේ ජීවිතයම මතු දවස

පුර සඳ දිලුණ අහසට ආදරය කොට

පැරදී දැවුනි ගිනියම් හිරු නැගෙන විට

පරවී වැටුණු කුලුඳුල් එම පියුම යට

සුරැකුණු සුවඳ බිඳ පුද දෙමි නුඹට හෙටAnonymoushttp://www.blogger.com/profile/14487897123780678985noreply@blogger.com0tag:blogger.com,1999:blog-1524535588712115654.post-22180140412532282162015-10-01T07:13:00.000-07:002015-10-01T07:13:02.374-07:00සමාන-අසමානහිමිදිරියේ නැගිට

කුස පුරවා ගනු පිණිස

කඩිසරව දිව යන

චූලෝදරලා අතර,

මහත් වූ විසල් කුස

කුඩා කර ගනු පිණිස

ආයාසයෙන් දුවන

මහොදරලා ද දුටිමි

අගනුවර වීදියක.... Anonymoushttp://www.blogger.com/profile/14487897123780678985noreply@blogger.com0tag:blogger.com,1999:blog-1524535588712115654.post-66068985095744533222015-10-01T07:08:00.002-07:002015-10-01T07:08:49.538-07:00සොඳුරු හදධවල පතකි මගෙ හදවත

කවි ලියන්න ඔබට දුන්න

කඳුලු වලින් කිළිටි නොකර

සොඳුරු සිහින පද බදින්න

දිවිය පුරා රස විදින්න...Anonymoushttp://www.blogger.com/profile/14487897123780678985noreply@blogger.com0tag:blogger.com,1999:blog-1524535588712115654.post-42076650619753225312015-10-01T06:33:00.000-07:002015-10-01T06:33:08.852-07:00හිස් බව කාළ වර්ණ තාර බැර

පාර තනා හිස් වුණ දා

පාර වසාගෙන සිටියා

පාට පාට සළු පළදා.....Anonymoushttp://www.blogger.com/profile/14487897123780678985noreply@blogger.com0tag:blogger.com,1999:blog-1524535588712115654.post-40062975271100417962015-10-01T06:26:00.000-07:002015-10-01T06:26:09.853-07:00හිරය

රාමුවෙන් පිට පැන්න

මගේ යෞවන හැගුම්

රාමුකර එල්ලුවෙමි

අපේ නව නිවහනේ

මගේ මංගල දිනේ......

Anonymoushttp://www.blogger.com/profile/14487897123780678985noreply@blogger.com0tag:blogger.com,1999:blog-1524535588712115654.post-28844582471158505752015-10-01T06:20:00.001-07:002015-10-01T06:20:45.772-07:00 ස්වීප් ටිකට්ඇවිද්ද පය දහස් වටී

වටහා ගන්නට නොහැකී

මොණරු නොදුටු පසුම්බියේ

සිල්ලර කෙදිරිලි ඇසුනා...

පාද යත්‍රා හිල් වී

වැසි දිය මඩ රිංගාගෙන

මගෙ දෙපතුල කිති කවමින්

චිරි චිරි ගා හිනා වුණා...

ලක්ෂ ගණන් තෑගි බෙදා

වාසනාව විකුණාගෙන

රස ඉල්ලන කුස රවටන

අවාසනාවන්තයි මං...Anonymoushttp://www.blogger.com/profile/14487897123780678985noreply@blogger.com0tag:blogger.com,1999:blog-1524535588712115654.post-21791827231712765192015-10-01T06:02:00.001-07:002015-10-01T06:02:11.733-07:00පළා ගිය පෙමහිරු පායා නැග එද්දී උදාගිරෙන්

සඳ සැඟවී බැස යනවා අවරගිරෙන්

දුප්පත්කම ගෙට එනකොට ඉදිරිපසින්

නුඹෙ සෙනෙහස පැන දිව්වා පෑළ දොරින්

කටු මැටි බිත්තියෙ තැන තැන සිදුරු වෙලා

පොල් අතු වහල ගෙට වැහි පොද එකතු කළා

බලු කුක්කා ගෙයි පිළ උඩ වාඩි වෙලා

තනි රැක්කා නුඹ නැති රෑ ළගට වෙලා

තෙල් නැති පහනෙ ආලෝකය මිලින වෙලා

මගෙ ජීවිතය අඩ අඳුරට පුරුදු කළා

පාලුව තනිය ඉවසාගත නොහැකි වෙලා

කඩමලු පැදුර ඇත ගෙයි මුල්ලකට වෙලා

Anonymoushttp://www.blogger.com/profile/14487897123780678985noreply@blogger.com0tag:blogger.com,1999:blog-1524535588712115654.post-15252030672171781842015-10-01T05:45:00.000-07:002015-10-01T05:45:03.920-07:00නුඹ නොලද හෙයින්උදා වන විට පුර සඳක්

අමාවක රැය අමතකයි

සිනාසෙන විට එක වරක්

කඳුලු ගගුළක් නෙත තෙමයි...

පිය නගද්දී පියවරක්

පියවරක් මග හැරුණා

සිතින් ලං වන විට තවත්

ගතින් ඈතට ඇදුණා...

උදා වෙද්දී නව දිනක්

තවත් දවසක් ගෙවුණා

සිනාසෙද්දී තව සිතක්

නුඹ නොලද මා තැවුණා...Anonymoushttp://www.blogger.com/profile/14487897123780678985noreply@blogger.com0tag:blogger.com,1999:blog-1524535588712115654.post-13297126843488263932015-10-01T05:37:00.001-07:002015-10-01T05:37:07.707-07:00දේව භක්තියවේගයෙන් ඇදී ආ

සැප රියක් නතර විය

පල්ලියේ ඉදිරිපස

විසල් ගේට්ටුව ළග...

ඒ රියෙන් බිමට බට

සුරඟනක් වන් ළඳක්

පිච්ච මල් සුවඳ දී

ඉදිරියට ඇදුනාය...

ඉරී ගිය රෙදි කඩින්

යන්තමින් විලි වැසුන

කුඩා කොලුවෙකුගේ අත

දිගු වුණා ඇය වෙතට

බලාපොරොත්තු ඇතිව

රුපියලේ කාසියක්...

ඒ අඳුරු නෙත් සගල

දෙස බලා නොදුටු සේ

පල්ලියේ දොරටුවෙන්

ඇතුළු විය ඇය විගස...

ගව ලෙනක ලොව දිනූ

දිළිඳු බිළිදා අසළ

දනින් වැටුනාය ඇය

මහත් අභිමානයෙන්

මහත් වූ භක්තියෙන්...

Anonymoushttp://www.blogger.com/profile/14487897123780678985noreply@blogger.com0tag:blogger.com,1999:blog-1524535588712115654.post-24170158390564916042015-10-01T05:22:00.003-07:002015-10-01T05:22:40.896-07:00සිහිනයක්නුඹේ දෙනෙතට පෙම් කළා මම කවි ලියා

මගේ කවියට කඳුළ මුසු කොට නුඹ ගියා

මේ තරම් තව නුඹට පෙම් කළ හදවතක්

තියේ නම් වෙන කොතැන හෝ එය සිහිනයක්...

කියා ගන්නට බැරි තරම් හද ආදරේ

දරා ගන්නට බැරි තරම් බර දී ගියේ

මේ තරම් නුඹ ආදරෙන් මට ලං වෙලා

හීනෙකින් වත් නොසිතු සේ අද වෙන් වෙලා...

Anonymoushttp://www.blogger.com/profile/14487897123780678985noreply@blogger.com0tag:blogger.com,1999:blog-1524535588712115654.post-1565390740891658702015-10-01T05:14:00.000-07:002015-10-01T05:14:15.525-07:00අගයමගේ දුක ළග නුඹේ නෙතු අග

කඳුළු බිඳු නැගුණා...

මගේ සැප ළග නුඹේ දෙතොලග

සිනා මල් පිපුණා ...

මගේ තනිකම

නුඹේ සෙනෙහස

නිසා මග හැරුණා...

මගේ පිනකට මගේ වී නුඹ

අගේ මට දැනුණා...Anonymoushttp://www.blogger.com/profile/14487897123780678985noreply@blogger.com0tag:blogger.com,1999:blog-1524535588712115654.post-38506693002807097602015-10-01T05:03:00.000-07:002015-10-01T05:03:29.919-07:00බිඳුණු සිල්පදපස්වැනි සිල්පදය බිඳ

පදම් වී පමිණි ඔහු,

පළමු සිල්පදය ද

බිඳ දැම්මේය...

තුන් වැනි සිල්පදය බිඳ,

සතර වැනි සිල්පදය ද

බිඳ දමන්නට සැරසුණු

සුරූපී තම බිරිඳ නිසා...Anonymoushttp://www.blogger.com/profile/14487897123780678985noreply@blogger.com0tag:blogger.com,1999:blog-1524535588712115654.post-89691889219451814392015-10-01T04:54:00.001-07:002015-10-01T04:55:27.513-07:0021 වැනි සියවසමොඩ්න් ෆොන්ට් යොදා

පරිඝනකයෙන් සැලසුම් කොට

ලිතෝ වර්ණයෙන් මුද්‍රිත

21 වැනි සියවසේ

දින දසුනක දුටිමි

5 වැනි සියවසේ ඉදිවූ

සීගිරියේ පින්තූරයක්....Anonymoushttp://www.blogger.com/profile/14487897123780678985noreply@blogger.com0tag:blogger.com,1999:blog-1524535588712115654.post-52106360420283251472015-10-01T04:50:00.000-07:002015-10-01T04:50:02.213-07:00සුවඳ සෙනෙහසරුවැති මල සේ සුවඳ වූයේ නම්

සොඳුරු ප්‍රේමය නපුරු ඇයි මෙතරම්

පිපුණු සැණෙකින් මිලින වේ නම්

සුවඳ අරගෙන සුළඟ සේ යන්නම්....Anonymoushttp://www.blogger.com/profile/14487897123780678985noreply@blogger.com0tag:blogger.com,1999:blog-1524535588712115654.post-66144274181120716282015-10-01T04:40:00.000-07:002015-10-01T04:40:20.004-07:00පමාවවිසල් සරසවි බිමේ දහසකුත් නෙත් මැදින්

මගේ සිත නතර විය නුඹේ නිල් නෙතු ළගින්

පැතුම් මල් විකසිතව නුඹට පුද දෙනු රිසින්

සෙනෙහසින් තෙමී හද බලා සිටියෙමි දුරින්

සිත පුරා ළැගුම් ගෙන රැඳුණු මුදු වත සොඳුරු

හද පුරා ලියන්නට පද පෙළක් විය මියුරු

අමා සුවයක් දැනුනි පෙර දිනක විඳ නුහුරු

පුදුමයකි මුළු ලොවම අමතකව ගිය අයුරු

නුඹට පෙම් කරන්නට දිරිය තිබුණත් සිතට

මුවට බැරි වුනේ ඇයි නුඹට එය කියන්නට

පමා වී පැතූ පෙම අහිමි වී ගියත් මට

සදා ආදරෙයි මම එදා දුටු නුඹෙ නෙතටAnonymoushttp://www.blogger.com/profile/14487897123780678985noreply@blogger.com0tag:blogger.com,1999:blog-1524535588712115654.post-39305651465189205902015-10-01T04:19:00.002-07:002015-10-01T04:19:25.046-07:00සෙලියුලර් ප්රේමයප්රතිචාරයක් නැති නුඹට

SMS කළ

මගේ ළෙන්ගතුකමට

Ring cut එකක් දුන්

Missed call එකකි

නුඹේ පෙම....Anonymoushttp://www.blogger.com/profile/14487897123780678985noreply@blogger.com0tag:blogger.com,1999:blog-1524535588712115654.post-80556235052059477302015-10-01T04:14:00.003-07:002015-10-01T04:14:48.039-07:00බොඳ වූ සිහිනයසාගරයට ආදරය කරන්නට ගඟක් වෙලා

බාධක අතරින් ආවෙමි මග දුරු කතර ගෙවා

දසතින් ඇදිලා ඇවිදින් ගගා සයුර සිඹී

යා යුතුවේ යළි එනමුදු ආපසු යා නොහැකී....Anonymoushttp://www.blogger.com/profile/14487897123780678985noreply@blogger.com0