Sunday, March 26, 2017

කිවිඳ රත්න ශ්‍රී....

සුනිසි තැන හර සුබස අසුරා
අවැසි තැන උවමන් උපද්දා
සුමට රස කව් ගී පබන්දා
රත්න දීපය එකලු කල කව් සිළුමිණයි
කිවිඳ රත්න ශ්‍රී....

කදුල විනිවිද  දකින්නට හැකි
දනන් හැඟුමන් වදන් කළ හැකි
කිවිඳ රත්න ශ්‍රී...
සුභාවිත ගී කුසුම් පොකුරක්
දැයට දුන් මහ වෘක්ෂයයි...
කිවිඳ රත්න ශ්‍රී...

උපන් බිම මත පය ගසා සිට
දහදියට ගුණ සුවඳ මුසු කළ
කිවිඳ රත්න ශ්‍රී..
සිත් නිවාලන ගී රශෝඝය
හෙළ බිමට දුන් උල්පතයි...
කිවිඳ රත්න ශ්‍රී..
ත්‍රිවිද රත්නයෙ බෙලෙන් දින දින දිනේවා
කිවිඳ රත්න ශ්‍රී...