සුනිසි තැන හර සුබස අසුරා
අවැසි තැන උවමන් උපද්දා
සුමට රස කව් ගී පබන්දා
රත්න දීපය එකලු කල කව් සිළුමිණයි
කිවිඳ රත්න ශ්‍රී....
කදුල විනිවිද දකින්නට හැකි
දනන් හැඟුමන් වදන් කළ හැකි
කිවිඳ රත්න ශ්‍රී...
සුභාවිත ගී කුසුම් පොකුරක්
දැයට දුන් මහ වෘක්ෂයයි...
කිවිඳ රත්න ශ්‍රී...
උපන් බිම මත පය ගසා සිට
දහදියට ගුණ සුවඳ මුසු කළ
කිවිඳ රත්න ශ්‍රී..
සිත් නිවාලන ගී රශෝඝය
හෙළ බිමට දුන් උල්පතයි...
කිවිඳ රත්න ශ්‍රී..
ත්‍රිවිද රත්නයෙ බෙලෙන් දින දින දිනේවා
කිවිඳ රත්න ශ්‍රී...
සිතුවිලි සිත්තම්
අහස් කැන්වසය මත තැවරූ සිතුවිලි වර්ණ....
Sunday, March 26, 2017
Thursday, October 1, 2015
අමතක වීම
මුදුන් මුල ගස යටින් හිඳ සරු පසින් ජීවය ගෙනදෙනා
එයින් දලු ලියලමින් දින දින සෙමෙන් ගස හිස ඔසවනා
උඩින් ඇති අතු අගින් වට කොළ මලින් යට මුල යට වෙනා
කෙමෙන් මුල මතකයෙන් ගිලිහී මුලින් ආ මුල සැගවෙනා
එයින් දලු ලියලමින් දින දින සෙමෙන් ගස හිස ඔසවනා
උඩින් ඇති අතු අගින් වට කොළ මලින් යට මුල යට වෙනා
කෙමෙන් මුල මතකයෙන් ගිලිහී මුලින් ආ මුල සැගවෙනා
ධීවර ගීතය
කරදියට දිය වෙලා මළ බැඳුණ ජීවිතය
දිරා යන්නට ළගයි සිදී ගත සවි බලය
රැය පුරා නිදි වරා නෙළා ගත් අස්වැන්න
අපට හිමි නැති වුණත් පියවතියෙ හිනැහෙන්න
දහදියට උරුම නැති හසරැල්ල උන් රැගෙන
සුසුම පමණක් ලැබුණි ගෙදර අරගෙන එන්න
රසට මසවුලු නැතත් හෙටත් ජීවත් වෙන්න
බත් ටිකක් උයාපන් හුරු පුරුදු ලුණු රහට
දිරා යන්නට ළගයි සිදී ගත සවි බලය
රැය පුරා නිදි වරා නෙළා ගත් අස්වැන්න
අපට හිමි නැති වුණත් පියවතියෙ හිනැහෙන්න
දහදියට උරුම නැති හසරැල්ල උන් රැගෙන
සුසුම පමණක් ලැබුණි ගෙදර අරගෙන එන්න
රසට මසවුලු නැතත් හෙටත් ජීවත් වෙන්න
බත් ටිකක් උයාපන් හුරු පුරුදු ලුණු රහට
සැබෑ සෙනෙහස
මා හද සෙනෙහස මහ සමුදුර මැද
ඔබෙ පෙම දිය බිඳුවක් වූවා
ඒ දිය බිඳුවට සෙනෙහෙ පුදන්නට
මා හද වැලි කතරක් වේවා....!
ඔබෙ පෙම දිය බිඳුවක් වූවා
ඒ දිය බිඳුවට සෙනෙහෙ පුදන්නට
මා හද වැලි කතරක් වේවා....!
වසන්තය
මලක සුවඳ විල නොදනී නම් කිසිදා
නුඹ පිළිගන්නම් බඹරුනි පෙති විහිදා
මා සනසාපන් රිසිසේ සිත පහදා
සිනා නගන්නට දෙනු මැන දුක පිසදා
කටු තුඩු වැද මල් පෙති සීරුණා මිස
නටුවට මොටද ඒ පෙතිවල මුදු පහස
වියලුනු දෙතොල් පොගවා නිවනා පවස
නුඹටයි මාගේ ජීවිතයම මතු දවස
පුර සඳ දිලුණ අහසට ආදරය කොට
පැරදී දැවුනි ගිනියම් හිරු නැගෙන විට
පරවී වැටුණු කුලුඳුල් එම පියුම යට
සුරැකුණු සුවඳ බිඳ පුද දෙමි නුඹට හෙට
නුඹ පිළිගන්නම් බඹරුනි පෙති විහිදා
මා සනසාපන් රිසිසේ සිත පහදා
සිනා නගන්නට දෙනු මැන දුක පිසදා
කටු තුඩු වැද මල් පෙති සීරුණා මිස
නටුවට මොටද ඒ පෙතිවල මුදු පහස
වියලුනු දෙතොල් පොගවා නිවනා පවස
නුඹටයි මාගේ ජීවිතයම මතු දවස
පුර සඳ දිලුණ අහසට ආදරය කොට
පැරදී දැවුනි ගිනියම් හිරු නැගෙන විට
පරවී වැටුණු කුලුඳුල් එම පියුම යට
සුරැකුණු සුවඳ බිඳ පුද දෙමි නුඹට හෙට
සමාන-අසමාන
හිමිදිරියේ නැගිට
කුස පුරවා ගනු පිණිස
කඩිසරව දිව යන
චූලෝදරලා අතර,
මහත් වූ විසල් කුස
කුඩා කර ගනු පිණිස
ආයාසයෙන් දුවන
මහොදරලා ද දුටිමි
අගනුවර වීදියක....
කුස පුරවා ගනු පිණිස
කඩිසරව දිව යන
චූලෝදරලා අතර,
මහත් වූ විසල් කුස
කුඩා කර ගනු පිණිස
ආයාසයෙන් දුවන
මහොදරලා ද දුටිමි
අගනුවර වීදියක....
සොඳුරු හද
ධවල පතකි මගෙ හදවත
කවි ලියන්න ඔබට දුන්න
කඳුලු වලින් කිළිටි නොකර
සොඳුරු සිහින පද බදින්න
දිවිය පුරා රස විදින්න...
කවි ලියන්න ඔබට දුන්න
කඳුලු වලින් කිළිටි නොකර
සොඳුරු සිහින පද බදින්න
දිවිය පුරා රස විදින්න...
Subscribe to:
Posts (Atom)