Thursday, October 1, 2015

අමතක වීම

මුදුන් මුල ගස යටින් හිඳ සරු පසින් ජීවය          ගෙනදෙනා
එයින් දලු ලියලමින් දින දින සෙමෙන් ගස හිස       ඔසවනා
උඩින් ඇති අතු අගින් වට කොළ මලින් යට මුල යට  වෙනා
කෙමෙන් මුල මතකයෙන් ගිලිහී මුලින් ආ මුල   සැගවෙනා

2 comments:

  1. මුලින් ආ මුල ගිලිහෙනාවිට අලුත් මුල් මත සැරසිලා
    සිනාවෙයි ගස නගා කිතුගොස සොබා දම එය හැඩ කළා...

    ලස්සනයි පුලස්ති...

    ReplyDelete
  2. මුලින් ආ මුල් මුලින් ඉදිරී
    පසුව ආ මුල්වලට දෙයි දිරී
    මටත් ඔවදන් දුන්නු නොහැරී
    උඹට ජය අයියණ්ඩි පුලා එදිරී


    ----- අමිල ජයචන්ද්‍ර ලියනආරච්චි ----

    ReplyDelete