හිරු පායා නැග එද්දී උදාගිරෙන්
සඳ සැඟවී බැස යනවා අවරගිරෙන්
දුප්පත්කම ගෙට එනකොට ඉදිරිපසින්
නුඹෙ සෙනෙහස පැන දිව්වා පෑළ දොරින්
කටු මැටි බිත්තියෙ තැන තැන සිදුරු වෙලා
පොල් අතු වහල ගෙට වැහි පොද එකතු කළා
බලු කුක්කා ගෙයි පිළ උඩ වාඩි වෙලා
තනි රැක්කා නුඹ නැති රෑ ළගට වෙලා
තෙල් නැති පහනෙ ආලෝකය මිලින වෙලා
මගෙ ජීවිතය අඩ අඳුරට පුරුදු කළා
පාලුව තනිය ඉවසාගත නොහැකි වෙලා
කඩමලු පැදුර ඇත ගෙයි මුල්ලකට වෙලා
No comments:
Post a Comment