විසල් සරසවි බිමේ දහසකුත් නෙත් මැදින්
මගේ සිත නතර විය නුඹේ නිල් නෙතු ළගින්
පැතුම් මල් විකසිතව නුඹට පුද දෙනු රිසින්
සෙනෙහසින් තෙමී හද බලා සිටියෙමි දුරින්
සිත පුරා ළැගුම් ගෙන රැඳුණු මුදු වත සොඳුරු
හද පුරා ලියන්නට පද පෙළක් විය මියුරු
අමා සුවයක් දැනුනි පෙර දිනක විඳ නුහුරු
පුදුමයකි මුළු ලොවම අමතකව ගිය අයුරු
නුඹට පෙම් කරන්නට දිරිය තිබුණත් සිතට
මුවට බැරි වුනේ ඇයි නුඹට එය කියන්නට
පමා වී පැතූ පෙම අහිමි වී ගියත් මට
සදා ආදරෙයි මම එදා දුටු නුඹෙ නෙතට
No comments:
Post a Comment