මුදුන් මුල ගස යටින් හිඳ සරු පසින් ජීවය ගෙනදෙනා
එයින් දලු ලියලමින් දින දින සෙමෙන් ගස හිස ඔසවනා
උඩින් ඇති අතු අගින් වට කොළ මලින් යට මුල යට වෙනා
කෙමෙන් මුල මතකයෙන් ගිලිහී මුලින් ආ මුල සැගවෙනා
Thursday, October 1, 2015
ධීවර ගීතය
කරදියට දිය වෙලා මළ බැඳුණ ජීවිතය
දිරා යන්නට ළගයි සිදී ගත සවි බලය
රැය පුරා නිදි වරා නෙළා ගත් අස්වැන්න
අපට හිමි නැති වුණත් පියවතියෙ හිනැහෙන්න
දහදියට උරුම නැති හසරැල්ල උන් රැගෙන
සුසුම පමණක් ලැබුණි ගෙදර අරගෙන එන්න
රසට මසවුලු නැතත් හෙටත් ජීවත් වෙන්න
බත් ටිකක් උයාපන් හුරු පුරුදු ලුණු රහට
දිරා යන්නට ළගයි සිදී ගත සවි බලය
රැය පුරා නිදි වරා නෙළා ගත් අස්වැන්න
අපට හිමි නැති වුණත් පියවතියෙ හිනැහෙන්න
දහදියට උරුම නැති හසරැල්ල උන් රැගෙන
සුසුම පමණක් ලැබුණි ගෙදර අරගෙන එන්න
රසට මසවුලු නැතත් හෙටත් ජීවත් වෙන්න
බත් ටිකක් උයාපන් හුරු පුරුදු ලුණු රහට
සැබෑ සෙනෙහස
මා හද සෙනෙහස මහ සමුදුර මැද
ඔබෙ පෙම දිය බිඳුවක් වූවා
ඒ දිය බිඳුවට සෙනෙහෙ පුදන්නට
මා හද වැලි කතරක් වේවා....!
ඔබෙ පෙම දිය බිඳුවක් වූවා
ඒ දිය බිඳුවට සෙනෙහෙ පුදන්නට
මා හද වැලි කතරක් වේවා....!
වසන්තය
මලක සුවඳ විල නොදනී නම් කිසිදා
නුඹ පිළිගන්නම් බඹරුනි පෙති විහිදා
මා සනසාපන් රිසිසේ සිත පහදා
සිනා නගන්නට දෙනු මැන දුක පිසදා
කටු තුඩු වැද මල් පෙති සීරුණා මිස
නටුවට මොටද ඒ පෙතිවල මුදු පහස
වියලුනු දෙතොල් පොගවා නිවනා පවස
නුඹටයි මාගේ ජීවිතයම මතු දවස
පුර සඳ දිලුණ අහසට ආදරය කොට
පැරදී දැවුනි ගිනියම් හිරු නැගෙන විට
පරවී වැටුණු කුලුඳුල් එම පියුම යට
සුරැකුණු සුවඳ බිඳ පුද දෙමි නුඹට හෙට
නුඹ පිළිගන්නම් බඹරුනි පෙති විහිදා
මා සනසාපන් රිසිසේ සිත පහදා
සිනා නගන්නට දෙනු මැන දුක පිසදා
කටු තුඩු වැද මල් පෙති සීරුණා මිස
නටුවට මොටද ඒ පෙතිවල මුදු පහස
වියලුනු දෙතොල් පොගවා නිවනා පවස
නුඹටයි මාගේ ජීවිතයම මතු දවස
පුර සඳ දිලුණ අහසට ආදරය කොට
පැරදී දැවුනි ගිනියම් හිරු නැගෙන විට
පරවී වැටුණු කුලුඳුල් එම පියුම යට
සුරැකුණු සුවඳ බිඳ පුද දෙමි නුඹට හෙට
සමාන-අසමාන
හිමිදිරියේ නැගිට
කුස පුරවා ගනු පිණිස
කඩිසරව දිව යන
චූලෝදරලා අතර,
මහත් වූ විසල් කුස
කුඩා කර ගනු පිණිස
ආයාසයෙන් දුවන
මහොදරලා ද දුටිමි
අගනුවර වීදියක....
කුස පුරවා ගනු පිණිස
කඩිසරව දිව යන
චූලෝදරලා අතර,
මහත් වූ විසල් කුස
කුඩා කර ගනු පිණිස
ආයාසයෙන් දුවන
මහොදරලා ද දුටිමි
අගනුවර වීදියක....
සොඳුරු හද
ධවල පතකි මගෙ හදවත
කවි ලියන්න ඔබට දුන්න
කඳුලු වලින් කිළිටි නොකර
සොඳුරු සිහින පද බදින්න
දිවිය පුරා රස විදින්න...
කවි ලියන්න ඔබට දුන්න
කඳුලු වලින් කිළිටි නොකර
සොඳුරු සිහින පද බදින්න
දිවිය පුරා රස විදින්න...
Subscribe to:
Posts (Atom)